image1 image2 image3

HELLO I'M SAVINDU SANSALA NANAYAKKARA|WELCOME TO MY PERSONAL BLOG|I LOVE TO DO CREATIVE THINGS|I'M GRAPHIC DESIGNER

Translate

Kanchayudha Sinhala

 

කංඡායුධ ගේම් එක Arimac Lanka  ආයතනය විසින් නොමිලේ ලබාදෙයි.

අපි කවුරුත් දන්න කියන කංඡායුධ පරිගණක ක්‍රීඩාව නිර්මාණය කලේ Arimac Lanka ආයතනයේ වසර 6ක කාලයක උත්සාහයක ප්‍රතිඵලයක් තමයි..



ඊයේ දිනයේ(2016/12/13) නිල වශයෙන් නිකුත් කලා. මේ සඳහා කැප වූ මූල්‍ය පිරිවැය නිසාවෙන් රු. 2850කට මෙය අලෙවි කිරීමට මුලදී යෝජනා කෙරුණත්. ලංකාවේ අපේ වැඩි දෙනෙකුගේ ඉල්ල්ලීම මත මෙය මාස 6 ක කාලයක් නොමිලේ බාගත කරගැනීමට ලබාදීමට මෙම ගේම් එකේ ඩිවලොපර්වරු තීරණය කළා. ඒ බව හෙළිකල වීඩියෝව බලන්න.




නොමිලේ ඩවුන්ලෝඩ් කිරීමට කංඡායුධ නිල වෙබ් පිටුව වෙත arimaclanka.com පිවිසෙන්න.

 මුදලින් දායකවිය හැකි අයටද මුදල්ගෙවා ලබාගන්නත් පුළුවන්.



මෙම පරිගණක ක්‍රීඩාව play කිරීමට පරිගණකයේ තිබිය යුතු අවම
සුදුසුකම්


Kanchayudha Official System Requirements

Minimum System Requirements

  • Operating system: Windows 7 SP1, Windows 8/8.1/10 (64bit versions only)
  • Processor: Intel Core i5-750 @ 2.6 GHz or AMD Phenom II X4 955 @ 3.2 GHz
  • Memory: 4GB
  • Video card: NVIDIA GeForce GTX 460 or AMD Radeon HD5850 (1GB VRAM)
  • Direct X: Version 11
  • Hard Drive: 12 GB available space

Recommended System Requirements

  • Operating system: Windows 7 SP1, Windows 8/8.1/10 (64bit versions only)
  • Processor: Intel Core i5-2400S @ 2.5 GHz or AMD FX-8350 @ 4.0 GHz or better
  • Memory: 8GB
  • Video card: NVIDIA GeForce GTX 680 or AMD Radeon R9 290X or better (2GB VRAM)
  • Direct X: Version 11
  • Hard Drive: 12 GB available space
  • Sound Card: DirectX 9.0c compatible sound card with latest drivers

Please note that the above information may vary depending on other factors of your System.
කංඡායුධ යනු? | What is Kanchayudha?
කංඡායුධ , අතීත ශ්‍රී ලංකාවේ වාසය කල ශක්තිවන්තයෙකුගේ වෘතාන්තයක් වටා ගෙවුණු, ත්‍රාසය සහ ක්‍රියාදාමයන් කැටි කොට ගත් ගවේශනාත්මක පරිගණක ක්‍රීඩාවකි. මෙහි ඇති විශේෂත්වය නම් මෙය ශ්‍රී ලංකාවේ නිපදවන ලද විශාලතම පරිගණක ක්‍රීඩාව වීමයි.
මෙහිදී ඔබ හසුරවන්නේ අතීත ශ්‍රී ලංකාවේ විසු ‘භද්‍ර’ නම් ශක්තිමත් වීරයකුගේ චරිතයකි. අතීතයේ තමන් හට සිදුවූ සිදුවිමක සුළමුල සොයා යන ඔහු හට ඒ ගමනේදී විවිධාකාර ක්‍රියාවන්ට මුහුණ දීමට සිදුවේ. මෙම ක්‍රියාවන් පසු කර ගොස් තම වෘත්තාන්තයේ අවසානයට ලග වීමට ඔහු හට විවිධ ප්‍රහේලිකා විසඳීමට, ගවේෂණයට සහ ක්‍රියාදාමයන්ට මග විවර වේ. කංඡායුධ ක්‍රීඩාවේ පදනම අතීත ශ්‍රී ලංකාවේ ජිවන රටාව වුවද, මෙහි ඇති සියලුම නම් ගම් සහ සිදුවීම් මන:කල්පිතය.
කංඡායුධ ප්‍රථමයෙන් වින්ඩෝස් පරිගණක සඳහා Digital downloads වශයෙන්ද, ඉන් පසු වීඩීඩී හරහාද නිකුත් වන අතර, ඉදිරියේදී මැක් ඕඑස්, ප්ලේස්ටෙශන් 4 සහ එක්ස් බොක්ස් වන් සඳහා නිකුත් කිරීමට නියමිතය. ඊට අමතරව, ස්මාර්ට් ෆෝන් සඳහා (ඇන්ඩ්‍රොයිඩ්, අයි ඕඑස් සහ වින්ඩෝස්) ද, වර්චුවල් රියැලිටි (HTC vive, Oculus Rift and OSVR) සඳහාද මේ හා සමගාමී පරිගණක ක්‍රීඩා නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

CONVERSATION

0 comments:

Post a Comment